රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාව ආර්ථික වෛරසයෙන් පීඩා විඳීමට ඉඩ දිය යුතු නැති බව  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 

 

මේ වන විට කොරෝනා වෛරසය සෞඛ්‍ය ගැටළුවක් ලෙස පැවතියද නොබෝ දිනකින් එය ආර්ථික ගැටළුවක් බවට පත්වන බව පැහැදිලි කරමින් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 

 

ආර්ථිකය කඩා වැටීම නිසා රජයේ බදු ආදායම් පහළ වැටෙන අතර මෙය සියයට පනහකින් පමණ ආදායම් පහත වැටීමක් විය හැකි බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

 

මෙහිදී බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම වැදගත් බව පෙන්වා දෙන හිටපු අගමැතිවරයා සඳහන් කරන්නේ බැංකු පද්ධතිය කඩා නොවැටෙන සේ පවත්වා ගෙන යා යුතු බවයි. 

 

ඒ අනුව තමන් ආර්ථිකය සම්බන්ධ යෝජනා තුනක් සිදුකරන බව ඔහු පවසයි. 

 

1.ආණ්ඩුවට ලැබෙන්නේ සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට නොසෑහෙන හෙයින් කාලයට ගැළපෙන පරිද්දෙන් අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙයි. 

 

2.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසය මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙහිදී අපට උපරිම සහයෝගයක් ලබා ගත හැකි පසුබිමක් සකස් කර ගැනීම. 

 

3.පවත්නා තත්ත්වය, ඉදිරියේ උදා විය හැකි තත්ත්වය සැලකිල්ලට ගෙන තමන් පෙන්වා දී ඇති ක්ෂේත්‍ර ආවරණ වන පරිදි පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. 

views

665 Views

Comments

arrow-up