JUL
26
කුරුණෑගල වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගැනේ

කුරුණෑගල වැවේ තිබී අනන්‍යතාවය තහවුරු නොවූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කුරුණෑගල පොලීසිය කියයි.
වයස අවුරුදු හැත්තෑවක් පමණවන පුද්ගලයකුගේ වෙතැයි සැක කරන මෙම මළ සිරුර කුරුණෑගල වැවේ රන්තලිය තානායම ඉදිරිපස කොටසේ පාවෙමින් තිබියදී කිසියම් පිරිසක් දැක තිබේ.
යට ඇඳුමක් සහ අත් කොට කමිසයක් පමණක් මෙම මළ සිරුරේ තිබී ඇත.
1243 Views
Comments