පෝලන්ත ජාතිකයන් දෙදෙනෙක් කරාපිටියේ කොරෝනා වාට්ටුවට

පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇති බව රෝහල් අාරංචි මාර්ග පවසයි.
මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා ජාත්‍යන්තර් මුහුදු තිරයේ ගමන් කරන විදේශිය නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් දෙදෙනෙකු බවද රෝහල් ආරංච් මාර්ග සඳහන් කරයි.
මොවුන් 44 හා 37 වැනි වියේ පසුවන අය වෙති. පසුගිය 03 වැනිදින මෙකි පොලන්ත ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් ගාල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සිට ඇත. වෛද්‍ය උපදෙස් මත මොවුන් රෝහල්ගතකොට ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත ඒකකයේ අද (23) පෙරවරුව වනවිට රෝගින් තිදෙනෙකු ප්‍රථිකාර ලබව බව රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය. බුස්ස නිරෝධන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර එම පිරිස අතර බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු ද සිටින බව පැවසේ.
641 Views
Comments