එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි - අනෙක් අය සංකූලතා නොපෙන්වයි : IDH ඒකලන අංශ ප්‍රධානී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
16

එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි - අනෙක් අය සංකූලතා නොපෙන්වයි : IDH ඒකලන අංශ ප්‍රධානී

එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි - අනෙක් අය සංකූලතා නොපෙන්වයි : IDH ඒකලන අංශ ප්‍රධානී

පොළොන්නරුව කුරුණෑගල යන රෝහල්වලට ඇතුළත් කර ආසාදිත බව හඳුනාගත් රෝගීන්ද සියලු දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH ජාතික බෝවන රෝග රෝහලේ බව ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෙෙද්‍ය එරංග නාරංගොඩ මහතා පවසනවා.

 

දැනට සිටින රෝගීන් අතරින් ඒක් රෝගියෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

අනිකුත් සියළුම රෝගීන් විශේෂ සංකූලතා නොපෙන්වන බව ඒ මහතා සඳහන් කරනවා.

 

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ ඒකලන ඒකකයේ කාමර 15 කින් යුත් අංශයේ රෝගීන් තිස් දෙනකුට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බව ඒ මහතා කියා සිටියා.

 

එම ඒකලන ඒකකය අනෙක් රෝගීන්ගෙන් වෙන්ව ඔවුන්ට වෛරස් ආසාදනය නොවන පරිදි විශේෂ පහසුකම් සහිතව ඉදිකළ ස්ථානයක් බවයි සඳහන් කළේ.

 

මේ වන විට අනෙකුත් රෝග සඳහා ඇතුලත් කර ගැනීම සිදු නොකරන බවක් කොරෝනා රෝගී ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් ඇතුළත් කරගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කරමින් පවතින බවත් ඒකලක ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෙෙද්‍ය එරංග නාරංගොඩ මහතා කියා සිටියා.

 

ඒමහතා මේබව කියා සිටියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගිවෙමින්....

 

 
කොරෝනා වෛරසයෙන් ගැලවීමට හැකි ද ?

කොරෝනා වෛරසයෙන් ගැලවීමට හැකි ද ? ප්‍රතිකාර ලබන්නන්ගෙන් බරපතල තත්ත්වෙන් සිටින්නේ එක් අයෙකු පමණයි. IDH ඒකලන ඒකකය (Isolation Unit) භාර වෛද්‍යවරයා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව. #lka #News1st #CoronaVirus #COVID19

Posted by Newsfirst.lk on Sunday, March 15, 2020

 

views

28499 Views

Comments

arrow-up