JAN
21
මවුකිරි දීමෙන් ලෝකයේ අංක එක ශ්‍රී ලංකාවට

මව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව පැවසූයේ අද (20දා) ජාතික රෝහලේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්.
නිර්ණායක දහයක් සලකා බලා සිදුකළ සංගනණයකට අනුව අප රටට මෙම අවස්ථාව හිමිව තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය බලධාරීන් සිදුකරන වැඩපිළිවෙළට අනුව මෙම ප්‍රගතිය අත්වී තිබෙන බවත් ඔහු කියා සිටියා.
683 Views
Comments