බදියුදීන් ගමන් කළ වාහනයකට ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

බදියුදීන් ගමන් කළ වාහනයකට ප්‍රහාරයක්

බදියුදීන් ගමන් කළ වාහනයකට ප්‍රහාරයක්

හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදින්  මහතා ගමන් රථ පෙළකට අද (24)  සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි. රිෂාඩ් බදියුදින් මහතා  ඇතුළු පිරිසක් අද ( 24 ) සවස මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිම සදහා ගමන් කරමින් සිටිය දී මුන්දලම කනමුල්ල ප්‍රදේශයෙ දී මාර්ගය හරස් කර වාහන වලට පහර දිම කර ඇති බව කියයි. 


 
ප්‍රහාරය සදහා 10  කට අධික පිරිසක් එක්වි ඇති බව කියයි. මාර්ගය හරස් කල පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැගවි සිටි පිරිසක් එකවර කඩා වැදි ලි මුගුරු වලින් පහර දිම කළ බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් වාහන වල ගමන් ගත් පිරිස් පවසයි.
 

රිෂාඩ් බදියුදින් මහතා ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාරයන් එල්ල වි ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවු බව කියයි.ප්‍රහාරයෙන් වාහන කිපයකට හානි සිදුව ඇති බවට පහර කෑමට ලක්වු පිරිස පැවසු අතර පහර කෑමට ලක්වු කිප දෙනෙකු පුත්තලම මුලික රෝහලටත් පුද්ගලික රෝහලකට ත් ඇතුලත් කර ඇති බව කියයි.


 
 නමුත් මුන්දලම පොලිසිය පැවසූයේ  එක් වාහනයකට පමණක් හානි සිදුව ඇති බවත් තුවාල කරුවන් පිලිබදව කිසිදු තොරතුරක් තම පොලිසියට නොලැබුණ බවයි .

views

935 Views

Comments

arrow-up