හොටල් විවෘත කළත් වාඩි වෙලා කන්න බොන්න තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
26

හොටල් විවෘත කළත් වාඩි වෙලා කන්න බොන්න තහනම්

හොටල් විවෘත කළත් වාඩි වෙලා කන්න බොන්න තහනම්

හෝටල් සහ අවහන්හල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අද (26) සිට විවෘත කිරීමට අවසර ලබා දී තිබුණද පාරිභෝගිකයන්ට කිසිසේත්ම එම සේවා ස්ථානයන් හි ‘අසුන්ගෙන ආහාර පාන අනුභව කිරීමට’ කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

 

කෙසේ වෙතත් පෙට්ටි කඩ තවදුරටත් විවෘත කළ නොහැකි බවත්, මාර්ග දෙපස ඇති තේ කඩ, හෝටල් විවෘත නොකර පෙර පරිදිම ආහාර ඇණවුම් බෙදා හැරීමට පමණක් විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

 

විවෘත කිරීමට අවසර ලබා දී ඇති හෝටල් සහ අවන්හල් හි කාර්ය මණ්ඩල සහ සේවා සපයන්නන්ට මෙන්ම පැමිණෙන පාරිභෝගිකයන්ටද මුඛ ආවරණ, අත් වැසුම් පැලඳීම අනිවාර්ය කර ඇති බවත්, දෑත් පිරිසුදු කිරීමට විසබීජ නාශක දියර හෝ සබන් තැබීම අනිවාර්යය බවත් ඔහු පැවසුවා.

 

එමෙන්ම නිරන්තරයෙන් මහජන පරීක්ෂකවරුන් හදිසි පරීක්ෂා කිරීම්හි නිරත වන බවත් සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු නොකරන හෝටල් සහ අවන්හල් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

views

720 Views

Comments

arrow-up