වෙෙරසය ආසාධිත‍ චීන ජාතික කාන්තාව ඇසුරු කළ අය සහ ගිය තැන් ගැන වහා විමර්ශන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

වෙෙරසය ආසාධිත‍ චීන ජාතික කාන්තාව ඇසුරු කළ අය සහ ගිය තැන් ගැන වහා විමර්ශන

වෙෙරසය ආසාධිත‍ චීන ජාතික කාන්තාව ඇසුරු කළ අය සහ ගිය තැන් ගැන වහා විමර්ශන

වයස අවුරුදු හතළිස් දෙකක් වූ චීන ජාතික කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කළ ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර තිබෙනවා.

 

මේ අතර චීනය වූහන් ප්‍රදේශායෙර් ප්‍රතිකාර කටයුතුවල යෙදී යෙදී සිටින හෙදියක විසින් සමාජ ජාල වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය වැළඳුණු එක් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකුට පමණ වෛරසය ආසාදන විය හැකි බවයි.

 

ඒ අනුව චීනයේ වූහන් පළාතේ සිට පැමිණි චීන ජාතික කාන්තාව ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කළ ප්‍රදේශ පිළිබද විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා  දෙන්නේ.

 

ඒ පිළිබදව බලධාරීන් තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම අදාල තොරතුරු නිවැරදිව ලබාදීමටත්, යම් පුද්ගලයෙකුට සැකසහිත නම් නොපමාව රෝහලකින් අවශ්‍ය පරීක්ෂාවක් කරගැනීමට ඉදිරිපත් වන ලෙසත් සෞඛ්‍ය විශේෂඥයින් සදහන් කරනවා.

views

847 Views

Comments

arrow-up