පුද්ගල දුරස්ථභාවය කඩ කරන්නන් හෙට සිට අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

පුද්ගල දුරස්ථභාවය කඩ කරන්නන් හෙට සිට අත්අඩංගුවට

පුද්ගල දුරස්ථභාවය කඩ කරන්නන් හෙට සිට අත්අඩංගුවට

හෙට (26) සිට රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් සිනමා ශාලා විවෘත කිරිමට අවසර නොලැබෙන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

 

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

 

මහජනතාව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් යොදවා පරික්ෂා කරන බවයි මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

 

ඒ සඳහා වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ආරම්භ කොට ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ පොදු ස්ථානවලදී මෙන්ම රටබීම හල් ආශ්‍රිතව මෙම මෙහෙයුම් වැඩි කරන බවද කියා සිටියා.

 

මේ දක්වා අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් පමණක් බවත් හෙට සිට පුද්ගල දුරස්ථභාවය රඳවා නොගන්නා පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බව කියා සිටියා.

 

මෙම තත්ත්වය යම් කිසි සේවා සපයන ආයතනයක්, වෙලදසැලක සිදුවුව හොත් අදාළ කළමණාකාරිත්වයටද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

views

798 Views

Comments

arrow-up