ජනපති සාකච්ඡාවෙන් පසු ආබාධිත රණවිරු උපවාසය අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

ජනපති සාකච්ඡාවෙන් පසු ආබාධිත රණවිරු උපවාසය අවසන්

ජනපති සාකච්ඡාවෙන් පසු ආබාධිත රණවිරු උපවාසය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාධිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අද (25දා) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, එහිදී ඉදිරි මහ මැතිවරණයට පෙර අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත් එම බලවේගයේ ජාතික සංවිධායක එච්.එම්.එස්. මහින්දසිරි මහතා පැවසුවා.

 

ඒ අනුව ඊයේ (25දා) පස්වරුවේ සිට මෙම උපවාසය අවසන් කළ බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් නැවතත් උපවාසය ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

views

867 Views

Comments

arrow-up