හම්බන්තොට වරාය ගිවිසුම යළි සලකා බලනවා - ජනපති

ඉන්දීය සංචාරය අතරතුර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ජනාධිපතිවරයා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන්ජ නාධිපතිවරයා සිය මතය ප්‍රකාශ කළේ ය.
අපේ පක්ෂය මේකට විරුද්ධ වුණා මුල සිටම. එය ලබා දෙන අවස්ථාවේදීත් විරෝධය දැක්වුවා. මෙය ජාතික වත්කමක්. මෙය හෝටලයකට යම් ඉඩමක් ලබාදීම හෝ ඒ හා සමාන දෙයක් නොවෙයි. මෙය ඉතා උපායමාර්ගිකව වැදගත් සම්පතක්. ඉතිං මේ ආකාරයේ දේවල් රජයේ පාලනය යටතේ තිබිය යුතුයි.
අද ගැන නොවෙයි අනගත පරම්පරාව ගැන අපි සිතිය යුතුය. මෙවැනි සම්පත් වෙනත් රටවලට ලබා දුන්නොත් අනාගත පරම්පරාව අපට ශාප කරයි. ඒ නිසා අපි මේ ගිවිසුම ගැන සතුටු නැහැ. අපේ පක්ෂය මේකට විරුද්ධ වුණා. අපිට මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ, ඉන් සාදනීය එකඟතාවයකට පැමිණීමට අවශ්‍යයි.
793 Views
Comments