කළු කොටියාට මන්ද ඇටවූ සැකකරු අත්අඩංගුවට

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ සතුන් දඩයම් කිරිම සඳහා අටවන ලද මන්දකට හසු වි තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත ඊයේ (26) රාත්‍රියේ රැගෙන ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
එලවළු වගා ගොවිපලේ මන්ද ඇට වු සැකකරු වනජිවි නිලධාරින් විසින් අද (27) උදැසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්‍රි පාද රක්ෂිතයේ කළු කොටින් පස් දෙනෙකු පමණ වාසය කරන බවත්, මන්දට හසු වු කොටියා අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 , උසින් අඩි 4 පමණ හොදින් වැඩුණු පිරිමි සතෙකු බව වනජිවි නිලධාරින් පවසයි.
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
676 Views
Comments