ශ්‍රී ලංකාවට පැමිණෙන අයට තවත් කොරෝනා රෝහල් 2ක්

ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විට කුවේටයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සිටි 5000 කට ආසන්න සාමාජිකයින් ගෙන් නිරෝධායන ක්‍රියාවලිය යොමු කරන ලද සාමාජිකයින් 3000 ක් පමණ මේ වන විට එය සාර්ථකව අවසන් කර ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
මේ වන විට නාවික හමුදා පොකුරෙන් කොරෝනා ආසාදිතයින් සම්පුර්ණයෙන්ම පාලනයකට නතු කොට තිබෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
754 Views
Comments