පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පිළිබද දැනුම්දීමක්

ඉදිරියේදී පත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිටින පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස තුනකට අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එම පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වන දායින් පසුව ක්‍රියාත්මක වනු ඇති.
අනිකුත් පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු එළඹෙන ජනවාරි මාසයේ පළමු වන දා සිට ක්‍රියාත්මකයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් සහ අනෙකුත් කාරණා පිළිබඳ සොයා බලා එම පොලිස් නිලධාරීන් සඳහා සහන කාලයක් මෙලෙස ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ.
676 Views
Comments