ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධකාරී හෝ ගැටලුකාරී අණපණත් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධ්‍යාපන ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ශක්තිය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බැවින් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති වේ යැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු බලයක් නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයකට යාමට කිසිදු උත්සාහයක් නොමැති බවත් එවැනි සංශෝධනයක් ගෙන එන්නේ නම් එය ඉදිරි මහමැතිවරණයෙන් පසුව සලකා බලන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඊළඟ මහමැතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
712 Views
Comments