මැඩගස්කරයේ අනතුරකින් ලාංකිකයන් තිදෙනෙකු මරුට

මැඩගස්කර්හි ටොඅමසීනා පළාතේ මොරමනිගා දිස්ත්‍රික්කයේ ගංගාවකට පෙරලීමෙන් අතුරුදන්ව තිබූ මෝටර් රථයක් ඊයේ (02) ගොඩගනු ලැබූ අතර එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයන්ගේ සිරුරු තුනක් හමුවු බව එරට සිටින ශ්‍රී ලාංකිකයින් සදහන් කළා.
මෙම අනතුර සිදුව ඇත්තේ 01දා දහවල් ඇන්ටනනාරියෝ නගරයේ සිට මොරමන්ගා දක්වා ගමන් ගන්නා ආර්.එන්.2 ප‍්‍රධාන මාර්ගයේ මොරමන්ගා නගරයට ව්‍යාපාරික කටයුතු සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ගමන් කළ මෝටර් රථයක්.
අනතුරින් මියගොස් ඇත්තේ කෑගල්ල, කන්නන්තොට පදිංචි මොහොමඞ් මිස්ෆර්, කලූතර ජවුෆර් සිද්ධික් අමීර් හන්සා, සහ වැලිගම රිෂා මව්ලානා යන තිදෙනායි. කන්නන්තොට පදිංචි මොහොමඩ් මිස්ෆර් හිටපු අමාත්‍යවරයෙක්වූ යූ.එම්.එල්.ෆාරුක් මහතාගේ බෑණාය. ඔහු පස්දරු පියෙකි.
ඔහු වසර දහයක් පහළොවක සිට මැඩගස්කර් හි මැණික් ව්‍යාපාරික කටයුතු වල නිරතව සිට තිබෙනවා. වරින් වර ලංකාවට යන එන බවත් ඔහුගේ වැඩිමහල් පුතාද මැඩගස්කර්හි ව්‍යාපාරික කටයුතුවල නිරත බව ඔවුන්ගේ ඥාතිවරයෙක් වූ සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉෆ්ලාර් යෙහියා මහතා පැවසුවා.
එමෙන්ම සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙක් වූ නිහාල් ෆරුක් මහතාගේ සොයුරියගේ සැමියා වන්නේද සිද්ධියෙන් මියගිය මොහොමඩ් මිස්ෆර් මහතායි.
ගොඩගනු ලැබූ සිරුරු තුන පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (02දා) මැඩගස්කර්හිදී සිදුකරනු ලැබූ බව මැඩගස්කර්හි සිටින ශ්‍රී ලාංකිකයන් පැවසුවා.
794 Views
Comments