මොරටුවේ හෝටලයට වෙඩි වරුසාව එල්ල කළ අයෙක් STF දැළේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

මොරටුවේ හෝටලයට වෙඩි වරුසාව එල්ල කළ අයෙක් STF දැළේ

මොරටුවේ හෝටලයට වෙඩි වරුසාව එල්ල කළ අයෙක් STF දැළේ

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මොරටුව – සොයිසාපුර මාර්ග බාධකය ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගනු ලැබුවා.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ නොකිරීම ඇතුලූ කරුණු කිහිපයක් මතයි.

 

පසුගිය 28 වනදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකිරීමට පෙර පසුගිය 19 වනදා මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ආපනශාලාවට ඇතුලූවී දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති අතර, එක් පුද්ගලයෙකුටද පහරදී තුවාල සිදුකර පලාගොස් තිබුණා.

 

ප්‍රදේශයේ මැර කල්ලියක් අවස්ථා ගණනාවකදී මෙම ආපනශාලා හිමිකරුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කර ඇති අතර, ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි ආපනශාලා හිමිකරු සඳහන් කර ඇත්තේ.

views

651 Views

Comments

arrow-up