හෙට දහවල් 12 දිස්ත්‍රික්ක 8කට ඇඳිරි නීතිය යළි - එය 27 වන සිකුරාදා තෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

හෙට දහවල් 12 දිස්ත්‍රික්ක 8කට ඇඳිරි නීතිය යළි - එය 27 වන සිකුරාදා තෙක්

හෙට දහවල් 12 දිස්ත්‍රික්ක 8කට ඇඳිරි නීතිය යළි - එය 27 වන සිකුරාදා තෙක්

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට  එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරෙනවා.

 

මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙනවා.

 

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට  ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.

 

සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙනවා. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබෙනවා.

 

මෙම කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙනවා. 

 

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර හිමි වනවා. 

 

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

 

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා. 

 

views

1481 Views

Comments

arrow-up