Colombo Port City : වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

Colombo Port City : වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද

Colombo Port City : වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන්ට විවෘත කිරීම අද

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන් සඳහා විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වරාය නගර භූමියේ පැවැත්වෙන විශේෂ උත්සවයකදීයි. 

 

"අද දවසේ කොළඹ වරාය නගරය සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙහි ඉදිකිරීම් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාදයට ලක්වෙලා තිබුණා. ඒක නැවතත් අපේ රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන විශාල කාර්යභාරයක් විශිෂ්ඨ කරන තැනක් බවට පත් කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා." යැයි නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයාද් බන්දුවික‍්‍රම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

 

"මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂය ආරම්භ කළේ. මෙම ව්‍යාපෘතිය මෙච්චර ප්‍රමාද වුවත් අද දවසේ අපටත් අවස්ථාව ලැබෙනවා යථා තත්ත්වයට ගෙනල්ලා ආයෝජකයින්ට හිතකර පරිසරයක් හදන, ආයෝජකයින් මෙරටට ගෙන්වා මෙරට ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථානයක් බවට පත් කරන්න.

 

මේ වැඩපිළිවෙළ යටතේ අද සමරු මුද්දර කවරයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘති කාර්යාලය විවෘත කරලා ආයෝජකයින් ගෙන්වන්න අවශ්‍ය සම්මන්ත්‍රණ ප්‍රචාරක වැඩසටහන් ආරම්භ කරලා මේ වසර අවසාන වෙන්න කලින් වරාය නගර ව්‍යාපෘතිය තුළ ආයෝජකයින් භෞතිකව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිලිවෙල අද ඉඳලා ආරම්භ කරන්න සූදානම්." 

 

මීට සමගාමීව අද රාති‍්‍රයේ විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වෙන බව ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම වැඩිදුරටත් සඳහන් කළා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සෘජු විදේශ ආයෝජන මත සිදුකෙරෙන මෙරට විශාලතම ව්‍යාපෘතිය ද වනවා.

 

views

923 Views

Comments

arrow-up