හුංගම උණුසුම් – පොලිස් වෙඩි පහරින් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වේ

හුංගම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා .
අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නතර කර එහි ගමන්ගත් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා හුංගම පොලිසිය විසින් කළ මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි වැදීමකින් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබේ.
අත්වැරදීමකින් ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම භික්ෂුන් වහන්සේට වෙඩි වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය පවසන ආකාරයට අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් හඹාගොස් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් පොලිසියෙන් මිදී පළායාමට උත්සාහ දැරීමේදී පොලිස් නිලධාරියකු සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබෙනවා
ඒ අවස්ථාවේදී අසලින් ගමන් කළ වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමකට වෙඩි වැදී බරපතළ තුවාල සිදුව ඇති බවත් අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මියගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
2062 Views
Comments