NB 9268 බස් රථයේ ගමන් කළ මගීන්ට පොලිසියෙන් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

NB 9268 බස් රථයේ ගමන් කළ මගීන්ට පොලිසියෙන් නිවේදනයක්

NB 9268 බස්  රථයේ ගමන් කළ මගීන්ට පොලිසියෙන්  නිවේදනයක්

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. 

 


මෙම රැඳවියන් ගල්ලෑලේ සිට පොළොන්නරුව බස් නැවතුම්පොළට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

 


පසුව එම පිරිස අද උදෑසන 5.45 ට පොළොන්නරුව – මාතර බලා ධාවනය වූ NB 9268 බස් රථයෙන් කුරුණෑගලට පැමිණ තිබෙනවා .

 


ඉන් අනතුරුව පිරිස කුරුණෑගල සිට වෙනත් බස් රථ ඔස්සේ හෝ වෙනත් ප්‍රවාහන මධ්‍යක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට පලා යන්නට ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

 

 
ඉහත අංකය දරන බස් රථයේ ගමන් කළ අයෙකු වේ නම්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර වහාම ස්වයං නිරෝධායනට යොමු වන ලෙස පොලිසිය නිවේදනය කර සිටිනවා 

 

views

440 Views

Comments

arrow-up