ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අදයි

ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අදයි

ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අදයි

 

ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරති.

 

නත්තල ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

 

අදින් වසර 2020 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති පහළ කරමින් ය.

 

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි.

 

තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙන් ය.

 

ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය ඊයේ ( 24) රාත්‍රියේ අති උතුම් වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විය.

 

views

634 Views

Comments

arrow-up