ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා  විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 


නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට කි‍්‍රයාත්මකවන පරිදි තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බවයි.

 


අයදුම්කරුවන්ට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල මගින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත‍්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

 


ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස ලබාගත හැකියි.

 

views

968 Views

Comments

arrow-up