ජුනි 5 සහ 6 දිවයිනේ සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

ජුනි 5 සහ 6 දිවයිනේ සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වැසේ

ජුනි 5 සහ 6 දිවයිනේ සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වැසේ

ලබන ජුනි මස 5 සහ 6 දිවයිනේ සියලුම සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

 

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

 

සියලුම පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යංශය දන්වා ඇත්තේ අදාළ දින දෙක තුල දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නතර කිරීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

views

646 Views

Comments

arrow-up