පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සියලු ව්‍යාපාරිකයන් PCR පරික්ෂණයට - 600 ගේ ප්‍රතිඵල අද

පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොල සිල්ලර වෙළදාම වෙනුවෙන් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයෙකු පිලියන්දල ප‍්‍රදේශයෙන් හමුවීම හේතුවෙන්.
ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙලදසැල සමඟ සම්බන්ධව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන පුද්ගලයෙකු බව හෙළි වුණා.
මත්ස්‍ය වෙළදපළ නාවික හමුදාව මගින් විෂබීජ හරණයටද ලක්කෙරුණා. පිලියන්දල මත්ස්‍ය ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිිරිසක් ස්වයං නිරෝධායනයටද ලක්කෙරුණා.
අදාල ව්‍යාපාරිකයාට අයත් වෑතර ප‍්‍රදේශයේ මත්ස්‍ය අලෙවි සැලෙන් මාළු මිලදී ගත් පුද්ගලයන් සිටී නම් ඒ පිළිබද වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි දැනුම් දි තිබෙන්නේ.
ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.
මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා මාළු මිලදී ගැනීම සඳහා ගිය පෑලියගොඩ තොග මාළු වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් 350 කට ආසන්න පිරිසකට අද (22) දිනයේදී PCR පරික්ෂණයන් සිදුකිරිමට නියමිතව ඇත.
728 Views
Comments