මීටරේ නැති අය අද සිට අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

මීටරේ නැති අය අද සිට අත්අඩංගුවට

මීටරේ නැති අය අද සිට අත්අඩංගුවට

කොළඹ, ගම්පහ , කලුතර හා පුත්තලම දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය අද පෙරවරු 5 ට ඉවත් කෙරුණා. මෙම දිස්ත්‍රික්වලට රාත්‍රී අටේ සිට යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.

 

කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය  මැයි මස 4 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

 

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පිටතට පැමිණිමේදී තමාගේ ජාතිකි හැඳුනුම්පතේ අවසාන අංකවලට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගත යුතුයි. ඒ අනුව සඳුදා දිනයේ නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සඳහන්ව ඇති පුද්ගලයන්ට පමණයි.

 

අංක 3 හෝ 4 සහිත පුද්ගලයන්ට අඟහරුවාදා දිනයේත් අංක 5 හෝ 6 සහිත පුද්ගලයන්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවසර හිමිවනවා. අංක 7 හෝ 8 සහිත පුද්ගලයන්ට බ්‍රහස්පතින්දා දිනයේ මෙන්ම අංක 9 හෝ බිංදුව සහිත පුද්ගලයන්ට සිකුරාදා දිනයේත් නිවසින් බැහැරව යාමට ඉඩ සැලසෙන බවයි පොලීසිය පවසන්නේ.

 

දිස්ත්‍රික් අතර ගමනාගමනය , රැකියා අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමාකර තිබෙනවා. රැකියාව සඳහා පිටත්ව යන්නන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බවයි පොලීසිය නිවේදනය කර ඇත්තේ.

 

ඇදිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් මෙන්ම සෞඛ්‍ය රීති කඩ කරන පුද්ගලයින්ද අද (28) සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා. 

 

එහිදී "පොලිසිය සිවින් ඇඳුමින් නිලධාරීන් යොදවලා තියෙනවා.  සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැත්නම් කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවල හෝ පෞද්ගලික ස්ථානවල ගැවසෙන්නේ නම් ඒ අයවත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරනවා." යනුවෙන් ද සඳහන් කෙරුණා.

 

 

 

views

751 Views

Comments

arrow-up