ඇඳිරි නිතිය ඉවත් කල ද හෙට සිට තවදුරටත් හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

ඇඳිරි නිතිය ඉවත් කල ද හෙට සිට තවදුරටත් හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

 ඇඳිරි නිතිය ඉවත් කල ද හෙට සිට තවදුරටත් හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

හෙට දිනයේදී ඇඳිරි නිතිය ඉවත් කිරිමට කටයුතු කෙරුණත් පහත සඳහන් පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ තවදුරටත් හුදෙකලා කොට තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

ඒ අනුව බස්නාහිර පළාත :

 

මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදෙකලා කොට ඇත.

 

ඊට අමතරව,

 

මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි මෙත්සද සෙවණ සහ මිහිජය සෙවණ, මෝදර ප්‍රදේශයේ පිහිටි රන්මුතු සෙවණ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි සිරිසර උයන සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි NHF යන මහල් නිවාස සංකීර්ණ වල සිටින ජනතාවට ඉන් පිටතට යෑමට හෝ කිසිවෙකුට ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

 

ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල යන පොලිස් බලප්‍රදේශ

 

කළුතර : හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය

 

කුරුණෑගල : කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය

 

කුලියාපිටිය : කුලියාපිටිය පොලිස් වසම

 

කෑගල්ල : මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ

 

මෙලෙස හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවල සිටින ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආදිය ලබාදීමට අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක බවද මෙහිදී හමුදාපතිවරයා සිහිපත් කර සිටියා.

 

 

 

views

1110 Views

Comments

arrow-up