කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත. එමෙන්ම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වදිදුරටත් සඳහන් කළේ.
787 Views
Comments