නිදහස් වූ සිරකරුවන් සිය දෙනෙක් ගැන තොරතුරු සොයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

නිදහස් වූ සිරකරුවන් සිය දෙනෙක් ගැන තොරතුරු සොයයි

නිදහස් වූ  සිරකරුවන් සිය දෙනෙක් ගැන තොරතුරු සොයයි

වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් 189 දෙනෙකු  පූනානි නිරෝධනය මධ්‍යස්ථාන වෙත ඊයේ (07) රාත‍්‍රියේ යොමු කෙරුණා. 

 


යුද හමුදා නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ රාත‍්‍රි 9.00 ට පමණ  මෙම පිරිස බන්ධනාගාර බස් රථ 6 කින් එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

 


බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුගේ සහ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මෙම රැඳවියන් නිරෝධනයට ලක් කෙරෙනු ඇති. 
වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් 9 දෙනෙකු ද නිරෝධනයට යොමු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. ඔවුන් නිරෝධනයට යොමුකර ඇත්තේ රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලටයි.  ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 8 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමුකර තිබෙනවා.

 


කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රැඳවු දින සිට ඊයේ (07) දින දක්වා ඔහු සමග සිටි රැඳවියන් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරමින් සිටිනවා. 

 


එම දිනයේ සිට මේ දක්වා රැඳවූවන් 100 දෙනෙකුට පමණ නිදහස හිමි වී ඔවුන් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් රැඳවූවන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා.
දෙදෙනෙක් කළුතර බන්ධනාගාරයට මාරු කෙරුණා. මොණරාගල බන්ධනාගාරයට මාරු කළ  පිරිස 03 දෙනෙකු වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර තිබෙනවා.

 


වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ සිදුකළ PCR පරීක්ෂණවලදී රැඳවියන් සහ නිලධාරීන් 210 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

 


අද දිනයේද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.  

 

 

views

818 Views

Comments

arrow-up