වටේ යන්න එපා කෙලින්ම කියන්න, අවුරුදු 09 ක් නිදාගෙනද හිටියෙ - පාවාදීම් ගැන අරවින්දත් කට අරී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

වටේ යන්න එපා කෙලින්ම කියන්න, අවුරුදු 09 ක් නිදාගෙනද හිටියෙ - පාවාදීම් ගැන අරවින්දත් කට අරී

වටේ යන්න එපා කෙලින්ම කියන්න, අවුරුදු 09 ක් නිදාගෙනද හිටියෙ - පාවාදීම් ගැන අරවින්දත් කට අරී

2011 ලෝක කුසලාන අවසන් තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූයේ නම් එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනතෙක් ඒ බව සඟවාගෙන සිටියේ ඇයිදැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක, තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. විවාදයට තුඩු දී ඇති මෙම තරගාවලිය සඳහා තෝරා ගැනීම් සිදු කළේද අරවින්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව මගිනි.

 


අලුත්ගමගේ මහතා පවසන්නේ මෙම පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවයි. අවසන් තරගයේදී ක්‍රීඩකයන් සිව් දෙනෙකු එකවරම වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලුවහොත් සිදුවූයේ කුමක්ද, පාවාදීම්වලට සම්බන්ධ කවුද යන්න පිළිබඳව තොරතුරු එළියට පැමිණෙනු ඇති බවද අලුත්ගමගේ මහතා පවසනවා.

 


හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු වෙනස් නොවූ බවයි. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය පමණක් වෙනස් කිරීමට සිදු වූ බවත්, එයද නිසි ක්‍රමවේද සියල්ලක්ම අනුගමනය කරමින් සිදුකළ බවත් ඔහු අවධාරණය කරනවා.

 


එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන පරිදි පාවාදීමක් සිදු වී ඇත්නම් වසර 09 ක් තිස්සේ ඔහු එය සඟවාගෙන සිටීමම ගැටලුවක් බවයි අරවින්ද සිල්වා මහතා පවසන්නේ. ඇමතිවරයා මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි පැවසුවද මේ දක්වා එම ආයතනය විමර්ශනයක් පවත්වා නොමැති බව ද සිල්වා මහතා පවසනවා. අවම තරමින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ගෙන් විමසීමක් හෝ සිදුකර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 


ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් වන හෙයින් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට එවකට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් සූදානම් බව ද සිල්වා මහතා අවධාරණය කරනවා.

 

views

859 Views

Comments

arrow-up