රිෂාඩ් රක්ෂිත බන්ධනාගාරගත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

රිෂාඩ් රක්ෂිත බන්ධනාගාරගත කරයි

රිෂාඩ් රක්ෂිත බන්ධනාගාරගත කරයි

අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පෙර පුවත‍‍‍‍....

 

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගැනුණා‍. ඒදෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දීයි.

 

සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරියද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

 

දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා තිබෙනවා.

 

views

706 Views

Comments

arrow-up