රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල එන්නට පෙර දිනකට PCR පරීක්ෂණ 2000 – 3000 අතර සිදු කළ යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල එන්නට පෙර දිනකට PCR පරීක්ෂණ 2000 – 3000 අතර සිදු කළ යුතුයි

රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල එන්නට පෙර දිනකට PCR පරීක්ෂණ 2000 – 3000 අතර සිදු කළ යුතුයි

විවෘත කළ රට තවදුරටත් සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.


රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව බව ජනතාව වටහා ගෙන කටයුතු කළහොත් පවතින තත්ත්වයෙන් ද තවත් ඉදිරියට යා හැකි යැයි ද ඒ මහතා කීවේය.

 

ලෝකයේ නොයෙක් රටවල මෙම රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ජනතාව අවධානයෙන් සිට අවදානමක් නොගැනීමට කටයුතු කළ යුතු බවත් සොයිසා මහතා පැවසීය.

 

මෙම රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට දිනකට පරීක්ෂණ 1100ක් පමණ සිදු කරන බවත් තම සංගමයේ මතය නම් එම ප‍්‍රමාණය 2000-3000 අතර සිදු කළ යුතුය යන්න බවත් හෙතෙම කීය. විශේෂයෙන් ජනතාව විසින් පසුගිය මාර්තු 11 වැනිදා තිබූ රට නොවන අලූත් රටක් ලෙස සිතා සෞඛ්‍ය උපදෙස් මත හැඩගැසීම අනිවාර්යයයෙන් සිදුකළ යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

views

741 Views

Comments

arrow-up