බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යන පොට හරි නැහැ - ඥානසාර හිමි

- ජාතිවාදී වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට යොදාගෙන නිකන් නාස්ති වෙන්න එපා
- බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යනපොට හරි නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ (14 වැනිදා) සඳහන් කළහ.
ඒ නිසා බොදු බලය රැකීම සඳහා තෙවන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇති බවත් කී උන්වන්සේ මද්‍රසා පාසල් නීතිගත කිරීම සම්බන්ධයෙන් රජය ඉක්මන් තීරණ නොගත යුතු බවත් අවධාරණය කළහ.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් (14 දා) එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කියා සිටියහ.
අප සංවිධානය ‘සංඝානුභාවනා’ නමින් පෙබරවාරි මස 22 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියස සිවුරු 60000 ක් පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් සිදුකරනවා. එම ජාතියේ චීවර පූජාව තුළ අප සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ රට තුළ ඇති සැබෑ තත්ත්වයයි.
ඇත්තෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල වාසය කරන අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව මුහුණදී ඇති කුරිරු අත්දැකීම් ඇතැම් ඒවා හෙළි කිරීමටත් නොහැකියි. ඒ වගේම ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා. අපේ මිනිසුන් සංස්කෘතික ආක‍්‍රමණයෙන් ගලවා ගැනීම සඳහායි අපි මේ ජාතීයේ චීවර පූජාව සිදු කරන්නේ.
මෙම වැඩපිළිවෙළට බොහෝ අය භියවී සිටිනවා. අපි මේ තුළින් දේශපාලනඥයන්ට බලපෑමක් කරාවි යැයි ඇතැමුන් සිතනවා. මේ තත්ත්වය තේරුම් ගෙන අපට සහය දෙන මෙන් අපි සියලූ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඇත්තෙන්ම අපට මාධ්‍යයන් භාවිතා කිරීමට තිබුණේ සමාජ මාධ්‍ය පමණයි. නමුත් එයත් අපට දැන් නැතිවෙලා තිබෙනවා. මොනයම් හෝ ‘පෝස්ට්’ එකක් දාපු ගමන් ‘බ්ලොක්’ වෙනවා. ඒ නිසා අපට සහය දෙනමෙන් ඉල්ලා සිටිනවා.
මේ ආණ්ඩුව යන පොට හරි නැහැ. මූලධර්මවාදී බලවේගයන්ට ඕන ලෙස ආණ්ඩුව හැසිරෙමින් ඉන්නවා. ඒ නිසා අප තෙවන බලවේගයක් හැදිය යුතුයි. අපේ අපේක්‍ෂාවන් මුදුන්පමුණුවා ගන්න අපි කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩුව හරි මඟ නොගියහොත් අපට නැවත සංවිධානය වෙන්න සිදුවෙනවා. දැන් ඔක්කොම හරි කියලා බලාගෙන ඉන්න බැහැ.
මේ කාටවත් ඕන ඕන විදිහට හුරතල් වෙවි නටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. තෙවන බලවේගයක් ගොඩනඟන බව රට හමුවේ කියන්න ඕන.
ජනාධිපති හා අගමැතිවරයාට අපි කියන්නේ මද්‍රසා සම්බන්ධයෙන් නොදන්න මඟුල් කරන්න යන්න එපා කියලයි. ජාතිවාදී වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට යොදාගෙන නිකන් නාස්ති වෙන්න එපා යැයි අපි කියනවා. ඔවුන් වටේ ඉන්න ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇත්ත ප‍්‍රශ්නය දන්නෙත් නැහැ. දන්න අයට ළංවෙන්න දෙන්නෙත් නැහැ. අපි මේ ඉස්ලාම් කි‍්‍රස්තියානි අන්තවාදය ගැන වසර 20 ක් තිස්සේ අධ්‍යයනය කර තිබෙනවා.
අන්තවාදීන් කරගෙන පැමිණි වැඩපිළිවෙළ තවමත් කි‍්‍රයාත්මකයි. දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා මද්‍රසා පාසල් 46 ක් තිබෙනවා. එක එක මතවාදවලට අනුව පුංචි දරුවන් හදනවා. ගෙවල්වල කරන මද්‍රසා තහනම් කළ යුතුයි. මරාගෙන මැරෙන පුංචි පුංචි අංකුර හදන්න දෙන්න බැහැ.
මද්‍රසා පාසල් සම්මත කිරීම කලබලයෙන් කළ යුතු දේවල් නෙමෙයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රමාදය ගැන අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. අපි නිහඬවෙලා බලන් ඉන්නේ කට්ටිය කාගේ පදයට නටනවාද කියලයි. මහ මැතිවරණයට කලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන රජය ජාතියේ යුතුකම ඉටුකළ යුතුයි.
සමාජ ජාලාවල හඬ පට වාරණය කළ යුතුයි. රන්ජන්ව එක්කෝ අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් අංගොඩට යැවිය යුතුයි. අපි නම් මේ ගැරඬි සමග කතා කර නැහැ. නමුත් ඔහු සමඟ කතා කළ මිනිසුන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතුයි. කුණුහරුප පෙන්වන්න සමාජ මාධ්‍ය කටයුතු කරද්දී අපගේ දේවල් බ්ලොක් කරනවා. අපි මෙය වාරණය කරන්න කියන්නේ ඔවුන්ගේ කුණුහරුප රටේ මිනිස්සු පොඩි ළමයි ශ‍්‍රවණය නොකළ යුතු නිසයි.
දිවයින_පුවත්පතින්
1350 Views
Comments