ඇමතිවරුන් බරටම වැඩ - ක්‍රීඩා ඇමති සර්ෆින් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

ඇමතිවරුන් බරටම වැඩ - ක්‍රීඩා ඇමති සර්ෆින් කරයි

ඇමතිවරුන් බරටම වැඩ - ක්‍රීඩා ඇමති සර්ෆින් කරයි

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ යෝජිත නව සර්ෆින් වෙරළ තීරයේදී විනෝදාත්මක සර්ෆින් සදහා එක් වුණා.

ඔහු සති අන්තයේ හම්බන්තෝට පිහිටි 'ෆිට් ශ්‍රී ලංකා' වෙරළ ක්‍රීඩා සැණකෙළියට සහභාගී වූ අතර, එය ඔහු විසින් ඉදිරිපත් කරන ලද සංකල්පය වීම විශේෂත්වයක්.

රට තුළ ක්‍රීඩා මත පදනම් වූ ආර්ථිකයක් සහ ක්‍රීඩා මත පදනම් වූ සංචාරක සංස්කෘතියක් සංවර්ධනය කිරීමට තමා අදහස් කරන බව නාමල් රාජපක්ෂ මහතා කියාසිටියා.

සෑම සති අන්තයකම දිවයිනේ සියලුම ජනප්‍රිය වෙරළ තීරයන්හි වෙරළ ක්‍රීඩා සඳහා අඛණ්ඩව උදව් කිරීමටත්, මෙවැනි සැණකෙළි පැවැත්වීමටත් අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

හම්බන්තොට ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අත්හදා බැලීම් මේවන විට සාර්ථක වී ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

views

793 Views

Comments

arrow-up