ඇමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික පුහුණු හුවමාරු පාඨමාලාව අරම්භ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
04

ඇමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික පුහුණු හුවමාරු පාඨමාලාව අරම්භ වෙයි

ඇමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික පුහුණු හුවමාරු පාඨමාලාව අරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කළා.

 

පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි කපිතාන් ධම්මික විජේවර්ධන සහභාගී වන ලද අතර, මෙම අවස්ථාවට නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් සහ එක්සත් ජනපද යුධ හමුදා විශේෂ යුධ ඒකකයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගිවී සිටියා.

 

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී වාර්ෂිකව පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මෙන්ම 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය සහ විශේෂ යාත්‍රා බලඝනය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 35 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

 

තවද, සති හතරක පුහුණු කාලය තුළදී මානව හිමිකම්, භූමි යුධ නීතිය, උපායශීලී සටන් අණතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, නීති විරෝධි මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තීරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම යන විෂය හා මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීම සහ ප්‍රායෝගික පුහුණුවීම් වල නිරත වන අතර, එමගින් එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමද එහි එක් අරමුණක් ලෙස හැදින්විය හැකියි.

 

 

 

 

views

680 Views

Comments

arrow-up