පෝස්ටර් - කටවුට් ගැහුවොත් හිරේ....

පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ අතර විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.
විශේෂ පෙරහුරු මැතිවරණ අද පැවැත්වුණේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමසිංහපුර ප්‍රජා ශාලාවේදී සහ දෙමටගොඩ සාම විහාරයේදීයි.
මෙම පෙරහුරු මැතිවරණවල අරමුණ වන්නේ, සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද භාවිතය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගත වන කාලය පිළිබඳව අදහසක් ගැනීමයි.
ඡන්ද දායකයන් 400ක් පමණ මෙම පෙරහුරු මැතිවරණ දෙක සඳහා සහභාගී වී සිටියේය.
713 Views
Comments