ඊයේ වාර්තාවූ රෝගීන් 62 දෙනාගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

ඊයේ වාර්තාවූ රෝගීන් 62 දෙනාගේ තොරතුරු

ඊයේ වාර්තාවූ රෝගීන් 62 දෙනාගේ තොරතුරු

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 62 ක් ඒ අනුව වාර්තා වී තිබේ.

 

අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ දිනය තුළ හඳුනා ගැණුනු සෙසු රෝගීන් 55 දෙනා අතර, නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 

ඉන් 17 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේත්, දෙදෙනෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේත් තවත් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේත්, කල්පිටිය සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානවලින් එක් අයෙකු බැගින් ද හඳුනා ගෙන තිබේ.

 

අනෙක් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා ද නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඊයේ දිනයේ දී කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදි ඇති බවට තහවුරු වී තිබේ.

 

කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් අට දෙනෙකුට සහ මාලදිවයිනේ සිට පැමිණ පුනේයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ද එම ආසාදිතයින් 55 දෙනා අතරට අයත්ය.

 

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 829 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

 

පුද්ගලයින් 781 කු සම්පූර්ණයෙන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

views

816 Views

Comments

arrow-up