කාලගුණයෙන් රතු නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වලට අද රාත්‍රියේ සිට පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ, දිවයිනට ගිණිකොන දෙසින් පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙනි.

 

 


නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි වේ.

 

 


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම පළාත සහ අනුරාධපුර, හම්බන්තොට, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 – 150 අතර තද වැසි ඇතිවිය හැකි බවයි.
වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 – 100 ත් අතර තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් ය.

 

 


මේ අතර පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 – 40 ත් අතර අගයක් ගනු ලැබේ.

 

 


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 – 55 ත් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.

 

 


ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තාවකාලිකව පැයට කිලෝමිටර් 70 – 80 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

 

 

මේ අතර පවතින වැසි සමග බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනව.

 

 


අධික වර්ෂාවත් සමග මේ වනවිටත් ජලාශ 32 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකි මිගස්තැන්න මහත්මිය ප්‍රකාශ කළා ය.

 

 


දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාවෙන් පුද්ගලයින් එක්ලක්ෂ හැට තුන්දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත් ව ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.
 

 

 

views

665 Views

Comments

arrow-up