මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – තවත් 03 කට තුවාල

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයකින් එක් රැඳවියෙකු මියගොස් තිබෙනවා.
තවත් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.
තත්වය පාලනයට කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 05 ක් එම ස්ථානයට පිටත්කර යවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.
බන්ධනාගාරයේ පිටත ආරක්ෂක වළල්ලේ ආරක්ෂාව තහවුරු කිරීමයි එහි අරමුණ වන්නේ.
මහර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.
851 Views
Comments