12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙක් අත්අඩංගුවට

12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගණිතය විෂයට පන්ති පත්වන මුවාවෙන් නිවසට පැමිණි මෙම ගුරුවරයා විසින් කාලයක් පුරා මෙම දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබේ.

ඒ අනුව අගෝස්තු මස 17 වන දින අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

2018 වසරේ දී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක්වු දරුවා විසින් පළමුවෙන් යහළුවෙක්ට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක අදාළ දරුවා හා ඔහුගේ දෙමාපියන් විසින් ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර තිබේ.

 

views

736 Views

Comments

arrow-up