සුරාසල් දිගටම වසා තැබීමට රජයේ අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

සුරාසල් දිගටම වසා තැබීමට රජයේ අවධානය

සුරාසල් දිගටම වසා තැබීමට රජයේ අවධානය

ලබන සදුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා. 

 

මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු අතර ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කෙරුණා. 

 

මේ වනවිට රටපුරා ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ඒ, ලබන සදුදා අලූයම 5 දක්වායි.

 

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය ලබන සදුදා සිට ලිහිල් කරනු ඇති .

 

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමටයි රජයේ අවධානය යොමුවී ඇත්තේ. ප‍්‍රධාන වශයෙන් රජයේ සහ පෞද්ගලික ආයතන විවෘත කිරීමට එහිදී අවස්ථාව ලැබෙනු ඇති. 

 

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශනයකට යටත්වයි. කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා හා රාජකාරී හැර හැකිතාක් නිවසින් බැහැර නොයන ලෙස සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ ජනතාවට තවදුරටත් දැනුම් දෙනවා.

 

සදුදා සිට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ ආහාර සහ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි. එලෙස පිටත්ව යාමේදීද ජාතික හැදුනුම්පතේ අංක ක‍්‍රමය කි‍්‍රයාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.

views

779 Views

Comments

arrow-up