යාපනය විශ්වවිද්‍යාලය දින දෙකක් සිසුන්ට සම්පූර්ණයෙන්ම තහනම් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

යාපනය විශ්වවිද්‍යාලය දින දෙකක් සිසුන්ට සම්පූර්ණයෙන්ම තහනම් (PHOTOS)

යාපනය විශ්වවිද්‍යාලය දින දෙකක් සිසුන්ට සම්පූර්ණයෙන්ම තහනම් (PHOTOS)

යාපනය විශ්වවිද්‍යාල භූමියට අද සහ හෙට දෙදින තුළ සිසුන්ට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්කර ඇති බව එම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා.

 

අද සහ හෙට දෙදින යාපනය විශ්වවිද්‍යාලයේ දේශන කිසිවක් නොපැවැත්වෙන බව එම විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා වන මහාචාර්ය කේ කන්දසාමි මහතා පවසනවා. යාපනය විශ්ව විද්‍යාල සිසුන් වෙත විශ්ව විද්‍යාල සීමාව තුළ අද (27) දින හා හෙට (28) දින කිසිඳු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව ඊයේ (26) සවස  යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වලට දැනුම් දී තිබුණා.එහෙත් රාත්‍රියේ විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් සදහා සැරසිලි කරතිබුණු බව වාර්තා වුණා.

 

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් වැඩසටහනක් අද (27) විශ්ව විද්‍යාල භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ බැවින් අදාළ ක්‍රියාව නවතා දැමීම වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් වෙත දින දෙකක කාලයක් තුළ විශ්ව විද්‍යාලයේ කිසිඳු කටයුත්තක් සිදු නොකරන ලෙසට පාලක සභාව දැනුම් දී ඇති බවයි.

 

යාපනය විශ්ව විද්‍යාල සිසුන් එල්. ටී. ටී.ඊ සංවිධානයේ හිටපු නායකයාගේ උපන්දිනය යෙදී  ඇති නොවැම්බර් 26 වැනිදා කේක් කපා සැමරීමටද කටයුතු කොට තිබු බවද යාපනය ආරක්ෂක අංශ පැවසුවා.

 

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන් පාලක සභාවේ නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරීම සිදුකරනු ඇති බවයි.

 

යාපනය විශ්ව විද්‍යාල සිසුන් උගුරට හොරා බෙහෙත් බොන්නාසේ නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීම වසර ගණනාවක් තිස්සේ කරගෙන එන්නක්.

 

කෙසේ වුවද මෙවර කොටි සැමරුම් උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි රජය මීට පෙර නිවේදනය කර තිබුණේ.

 

 

 

 

 

views

1177 Views

Comments

arrow-up