ශ්‍රී ලංකාවේ පිඟන් ගඩොල් යුරෝපයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

ශ්‍රී ලංකාවේ පිඟන් ගඩොල් යුරෝපයට

 ශ්‍රී ලංකාවේ   පිඟන්  ගඩොල්   යුරෝපයට

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන පිඟන් ගඩොල් ඇතුළු මැටි භාණ්ඩ වලට යුරෝපයේ විශාල ඉල්ලුමක් ඇති හෙයින් නොරිටාකේ සමාගම මෙරට කරන ආයෝජන වැඩි කිරීමට තීරණය කොට ඇත.

 

අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය ඇති හෙයින් මැටි ගඩොල් නිෂ්පාදනය කොට යුරෝපයට කිරීමේ හැකියාවක්

ඇති බව පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති වීදුරු සහ පිඟන් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ වාර්ෂික සැසිවාරයට

සහභාගි වූ ඉන්දියාවේ De Boer Damle (India) Pvt. Ltd, සමාගමේ විධායක අධ්‍යක්ෂ Damle මහතා පැවසීය.

 

ඉන්දියාවේ හත් දහසක් පමණ නිෂ්පාදකයින් යුරෝපයට ගඩොල් අපනයනය කරන බවත් ගඩොලක් වෙනුවෙන් යුරෝ පහක් සහ හතක් අතර මිලක් ලබා ගැනීමට ඔවුන් සමත් වී සිටින බවත් Damle මහතා පෙන්වා දුන්නේය.

 

පිඟන් ගඩොල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මැට්ට(Kaolin) ජපානයේ චීනය සහ වියට්නාමය වැනි රටවල් වලින් විශාල මුදලක් ගෙවා ආනයනය කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ඇති මැටි පිළිබඳව අවධානය යොමු කළ යුතු බව නොරිටාකේ සමාගමේ විධායක අධ්‍යක්ෂක tanaka මහතා පෙන්වා දුන්නේය.

views

1218 Views

Comments

arrow-up