දිස්ත්‍රික්ක 18 ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

දිස්ත්‍රික්ක 18 ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

දිස්ත්‍රික්ක 18 ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

දිස්ති‍්‍රක්ක 18 කට පනවා ඇති ඇදිරි නීතිය අද (20) අළුයම 5.00 ට ලිහිල් කෙරුණා. මෙලෙස ඇදිරි නීතිය ලිහිල් කෙරුණේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවලටයි.

 

අද රාතී‍්‍ර 8.00 සිට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇඳිරි නීතිය පැනවෙනවා. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මෙම දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය සෑම දිනකම කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණයි.

 

කෙසේවෙතත් මහනුවර, කෑගල්ල සහ අම්පාර යන දිස්ති‍්‍රක්කවල, අලවතුගොඩ, අකුරණ, වරකාපොල සහ අක්කරෙයිපත්තු යන පොලිස් බලප‍්‍රදේශවල ඇදිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වනවා.

 

එහෙත් එම දිස්ති‍්‍රක්කවල සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතියද අද සිට සෑම දිනකම අළුයම 5.00 ට ඉවත් කර රාතී‍්‍ර 8.00 යළි පනවනු ඇති.

 

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්කවල අවදානම් කලාප ලෙස හදුනාගත් පොලිස් බලප‍්‍රදේශ 21 ක් හැර අන් සියලූ ප‍්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කරන්නේ ලබන (22) බදාදායි. එදින උදෑසන 5.00 ට ඉවත් කරන ඇදිරි නීතිය එදිනම රාතී‍්‍ර 8.00 යළි පැනවීමට නියමිතයි.

 

කෙසේ වෙතත්, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඬේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප‍්‍රදේ්ශවල ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වනවා.

 

ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ රැකියා සඳහා ප‍්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට අවස්ථාව සලසා දී තිබෙනවා. ඇඳිරි නිතීය ඉවත් කළ ප‍්‍රදේශවලද ප‍්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා ගමනාගමන ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් සදහා පමණක් බවයි රජය දැනුම් දෙන්නේ. දිස්ති‍්‍රක් අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා.

views

706 Views

Comments

arrow-up