මාස දෙකේ විදුලි බිල් ගණනය කෙරෙන හැටි ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
13

මාස දෙකේ විදුලි බිල් ගණනය කෙරෙන හැටි ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

මාස දෙකේ විදුලි බිල් ගණනය කෙරෙන හැටි ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

මාස දෙකක විදුලි පරිභෝජනය එකවැර ගණනය කිරීමේදී ඒකක සීමාවන් නිසා විශාල වශයෙන් විදුලි බිල් වැඩිවීමට හැකි බවට ජනතාව තුළ සැකයක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබේ. 

 


"තියෙන ප්‍රශ්නෙ තමයි මාස දෙකක බිල එකතු වුණොත් කට්ටියට ගෙවන්න වෙන ප්‍රමාණය වැඩිවෙනවා කියන එක. ඒ හින්දා අපි ඒක මඟහරවා ගන්න, පහුගිය මාසෙ බිලට සමාන බිල් එකක් මේ මාසෙ එවනවා. අප්‍රේල් මාසෙ අන්තිමට බිල දානකොට හරි ගාණ එකතු වෙනවා එතකොට. 

 


ඒ කියන්නෙ එක මාසෙකට කලින් මාසෙ ගාණ. මාර්තු මාසෙට පෙබරවාරි මාසෙ ගාණම එනවා. අප්‍රේල් මාසෙට එන්නෙ ඒ වෙනකොට තිබිය යුතු බිලෙන් මාර්තු මාසෙ අඩුකරලා එන විදියට තමයි අපි හදන්නෙ. විදුලිබල මණ්ඩලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබගේ ඩීටේල් එක්කරලා කොච්චරද මීටර් රීඩිං එක කියලා දැම්මොත් ඔබලාගේ බිල කොච්චරද කියලා බලාගන්න හැකියාවකුත් තියෙනවා. 

 


අපට ආර්ථික ගැටළුවක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවෙ. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා මුදල් ගෙවන්න පුළුවන් කට්ටියට පහුගිය මාසෙ බිලට සමාන මුදලක් විදුලිබල මණ්ඩලේ එකවුන්ට් එකට ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා ගෙවන්න පුළුවන්. කවුන්ටර්ස් ටිකත් ඇරලා තියෙන්නෙ. ඒවගේ ගෙවනවා නම් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

views

909 Views

Comments

arrow-up