වරාය සේවකයින්ට අගමැතිගෙන් සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

වරාය සේවකයින්ට අගමැතිගෙන් සාකච්ඡාවක්

වරාය සේවකයින්ට අගමැතිගෙන් සාකච්ඡාවක්

කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.

 

ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා සඳහන් කළේ පෙරවරු 7.00ට තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය.

 

කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව මේ වන විට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබාදීමට විරෝධය පළ කරමින් වරායේ සේවකයින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන අතර සත්‍යග්‍රහය හේතුවෙන් වරායේ සියලු කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

 

views

651 Views

Comments

arrow-up