2019 වසරේ බිලියන 138ක බදු අය කිරීම් අත්හැරලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2019 වසර අවසන් වනවිට හිඟ බදු හා දඩ මුදල් රුපියල් බිලියන 138.7ක් විවිධ හේතූන් මත අයකර ගැනීම අත්හිටුවා තිබූ බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
එම වසර අවසන් වනවිට අයකරගත හැකිව තිබූ හිඟ බදු හා දඩ මුදල රුපියල් බිලියන 150.8ක් වුවද එම මුදල පවා අයකර ගැනීමට දෙපාර්තමේන්තුව කඩිනම් පියවර ගෙන නොතිබූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම 2009 දෙසැම්බර් 31 වැනි දිනට පෙර හිඟව පැවැති බදු හා දඩ ශේෂ නිරවුල් කිරීම සඳහා නියෝජ්‍ය ජනරාල්වරයකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කර තිබුණද 2019 අවසානය දක්වාත් නිරවුල් නොකළ බිලියන 32.4ක හිඟ බදු හා දඩ ශේෂයන් එම අංශයේ පැවැති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත
817 Views
Comments