අරාබියට පැමිණෙන්නැයි ජනපතිට ආරාධනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

අරාබියට පැමිණෙන්නැයි ජනපතිට ආරාධනා

අරාබියට පැමිණෙන්නැයි ජනපතිට ආරාධනා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එරට ඔටුන්න හිමි ෂේක් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යන් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

 

එම ආරධනාව පිළිගනිමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම සංචාරය දෙරට අතර අදහස් හුවමාරුකර ගැනීමට හා පොදු අභිලාෂයන් පිළිබදව සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුන් සිය සුභ පැතුම්ද ජනාධිපතිවරයාට පිරිනැමූ බවද එම නිවේදනයේ සදහන්වේ.  

views

1026 Views

Comments

arrow-up