කොරෝනා වැළදුණු ගැබිණි මවක් ගම වටේම ඇවිදලා – ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහායෙන් IDH රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

කොරෝනා වැළදුණු ගැබිණි මවක් ගම වටේම ඇවිදලා – ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහායෙන් IDH රෝහලට

කොරෝනා වැළදුණු ගැබිණි මවක් ගම වටේම ඇවිදලා – ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහායෙන් IDH රෝහලට

පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

 

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 

සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇති බව සඳහන්.

 

මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.

 

ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇති බව සඳහන්.

views

8863 Views

Comments

arrow-up