ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

 

නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි 

 


184 දෙනෙකු ඇතුළු 190 දෙනෙකු රැගෙන ඉන්දියාවට පැමිණි ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යානය කේරළ ප‍්‍රාන්තයේ කැලිකට් ගුවන් තොටුපළට ගොඩ බැස්වීමේදී, එය ගුවන් ධාවන පථයෙන් ඉවතට ධාවනය වී මෙම අනතුර සිදුව තිබෙනවා. පවතින අධික වර්ෂාව සහගත කාලගුණය හේතුවෙන් ගුවන් ධාවන පථය ලිස්සනසුළු වීම ඊට හේතුව බවටයි අනාවරණ වී ඇත්තේ.

 


අනතුරින් මියගිය පුද්ගලයින් අතරට යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළත්. පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

 

අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ද කි‍්‍රයාත්මකයි.

 

අනතුරින් විපතට පත් වූවන් පිිළිබඳව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව ප‍්‍රකාශ කර තිබෙනවා.

 

views

758 Views

Comments

arrow-up